Welcome to the Sri Lankan Haiku!

Welcome to the literary haven of Sri Lanka Haiku Society! Dive into the captivating world of haiku poetry through our carefully curated collection of haikus written by talented members and esteemed authors within our vibrant community. Each poem unfolds a tapestry of emotions, bringing to life the essence of Sri Lankan landscapes, culture, and the profound beauty of haiku.

කරත්ත රෝද සලකුණ
තවමත් ඉතිරි කොට
වේලුණ මඩ වගුර...

නයෝමි අමරසිංහ

ආහ්!
මදුරු දැලේ දැවටෙන
කලාමැදිරි එලිය.!

ඉන්ද්‍රා ඉලේසිංහ

අන්න ගුවනෙහි රටා!
හැදියාව ලොවට කියාදෙන
කුරුලු රෑන්

ලලී උග්ගල්ල

දැල්වූ පහන් වැට
තැනින් තැන
නිවීගිය පහන්

ක්‍රිශාන්ති සුමනසේකර

ඔහු නික්ම ගිය පසු
ඉතිරි වූ
ෆෝමලීන් සුවඳ

මහරගම රුවින්දි ලදුකා පෙරේරා

දුම්රිය කවුළුවෙන්
අතවනමින් නොපෙනී යන
නොහඳුනන දරුවෙක්

මාලතී රූපිකා පුංචිහේවා

සේපාලිකා මල්
අහුලන පොඩි ළමයෙක්
ගෙපිලේ මල් රටා

ජානක හීන්කෙන්ද

දේශනය අතර
සමනලුන් යායක්
ශ්‍රී පාදේ දෙසට

සමන්ති රණමුකගේ

පත් හැලුණු
චෙරි අතු...
හේමන්ත විරාමය

අප්සරා දිල්රුක්ෂි